ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කියයි.
“ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් දෛනිකව ත්‍රී රෝද රථ හා කුලී වාහන සේවා භාවිතා කරනවා. නමුත් නිතරම ලැබෙන පැමිණල්ලක් තමයි බොහෝ රථවලින් අය කළ යුතු මුදලට වඩා වැඩි මුදලක් අයකරන බව. මේ ගැන අපේ අමාත්‍යාංශය අවධානය යොමු කර සැළැස්මක් සකස් කළා. 2017 වර්ෂයේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ ඇතුළු සියළුම කුලී වාහන සඳහා නිශ්චිත මුදලක් අය කිරීම සඳහා මීටර සවිකිරීමට
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ කාර්යය සිදුකරගෙන යනවා.“ යැයි ද ඔහු කීවේය.