කුලී මිනී මරන්නන් මට්ටු කරන්න යයි


(ඉන්දිකා රාමනායක)

බස්නාහිර  හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් දිගින් දිගටම සිදුකර මැනිමැරුම් වලට අදාල  කුළි මිනිමරුවන්ට  එරෙහිව   දැඩිව පියවර  ගන්නා ලෙසට  මහජන ආරකෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුලු සියලු  උසස් පොලිස් නිලධාරීන්ට  නියෝග  ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ඝාතන මැඩලීම වෙනුවෙන්  සිදුකරන මෙහෙයුම් සදහා අනිසි බලබෑම් සිදුකිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ඒ  සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා උසස් නිලධාරින්ට දැනුම් දී ඇති බවද  එම අමාත්‍යාංශය පවසයි.

පොලිස්පතිවරයා ප්‍රමුඛ   උසස් පොලිස් නිලධාරීන්  ඊයේ (21)   මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා සිදුකළ හදිසි   සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ නියෝග  ලබා දී ඇත.

එම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්යංහශයේ ලේකම් වියානි ගුණතිලකල පොලිස්පති ඩීගසීගවික්රමමරත්නල ජ්යෙපෂ්ඨ නියෝජ්යන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්ය‍ පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සහභාගී වී සිටියහ.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවයකරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකර්ශක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර එවැනි අකාරක්ෂම නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙස ට එහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවද  අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර  අලුත් නොකරන ලද සියලු  ගිනි අවි පොලිසියට  බාර දීමට  ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශ කරන ලෙස  ට එහෙදී අමාත්‍යවරයා  දැනුම් දී ඇති  අතර ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ  කරන ලෙසට ද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.