( දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කෝංගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ බව කියන නිවෙස් 35ක් පිරිස් 100 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අද (26) පියවර ගෙන තිබිණි.
මෙම මංගල උත්සවය පැවති නිවසේ මනාල මහත්මාගේ පියා කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ සේවය කරන අයෙකු වූ අතර ඔහුට වයිරසය ආසාදනය වී තිබියදී අදාළ මංගල සාදය පැවැත්වීම හේතුවෙන් එසේ එම මංගල සාදයට පැමිණ තිබූ සියලුම පිරිස් නිරෝධායනයට ලක්කර තිබිණ.
එම සිද්ධියට සම්බන්ධ මංගල උත්සවයේ මනාල මහතා අදාළ නිවෙස් නිරෝධායනයට ලක් කිරීමට විශාල සහයෝගයක් ලබාදී තිබිණ.
එමෙන්ම එම ප්‍රදේශයේ සිට නගරයේ පාසැල් හා රාජ්‍ය ආයතනවලට ගමන් කරන බොහෝ පිරිසක් ජීවත්වන ප්‍රදේශයක් බවද එහිදී අනාවරණය විය.

