කුලියාපිටියේ දරුවාට සුපිරි පාසලක්?


ඒඩ්ස් රෝගය ඇතැයි බොරු ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට කොළඹ ආනන්ද විද්‍යාලයය හෝ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයය ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

මාස තුනක් යන තුරු දරුවාට අධ්‍යාපන අයිතිය නැති වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, ඔහුට පාලසක් ලබා නොදීම සම්බන්ධයෙන් කුලියාපිටිය අධ්‍යාපන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලයි.

ගුරු සංගමයේ පිරිසක් සඳුදා (08) කුලියාපිටියට ගියහ.

ත්‍රිත්ව විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් ද ඉරිදා (08) එහි ගියහ.