හලාවත, කුලියාපිටිය, පුත්තලම හා මාරාවිල රෝහල්වලට නව වෛද්‍යවරුන් පත් කිරීමේදී කුලියාපිටියට අසාධාරණයක් සිදුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ කුලියාපිටිය ශාඛාව කියයි.
හලාවත කුලියාපිටිය හා පුත්තලම රෝහල්හි විශේෂඥ වෛද්‍යවරු අට දෙනෙක් ද, මාරාවිල හය දෙනෙක් ද සිටිති.
කුලියාපිටිය රෝහලට නව වෛද්‍යවරුන් 16 දෙනකු පත් කළ යුතු වුවද පත් කර ඇත්තේ 10 දෙනකු බව ද එම ශාඛාව කියයි.
එහෙත් හලාවතට 20ක් ද, පුත්තලමට 18ක් ද, මාරාවලිට 12ක් ද පත් කර නැතැයි රෝහල් ශඛාවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත ඉඹුල්පිටිය කියයි.
හලාවත රෝහලේ ඇඳන් 539 කි. කුලියාපිටියේ 590කි. පුත්තලමේ 334කි. මාරාවිල 317කි.