කුලියට ගත් ත්‍රිරෝද හොරට විකුණයි


මාස් පතා  වාරිකය ගෙවීමේ පදනම මත  ත්‍රිරෝද රථ විස්සක බද්දට ගෙන  විකුණු බව කියන කණ්ඩායමක  සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි.

රාගම ගෙයක් කුලියට ගත් හිටපු හමුදා සෙබළකු,කාන්තාවක හා දරුවන් දෙදෙනකු ද සමඟ මාස දෙකක් නතර වී සිට දැන් අතුරුදන් වි ඇතැයිද  එම සෙබළා මෙහි මහ මොළකරු විය හැකියැයිද පොලීසිය සඳහන් කරයි.

හොරට විකිණූ ත්‍රිරෝද රථ කිහිපයක්ද සොයාගෙන ඇත.