අවුරුදු හතරක් පහක් තිස්සේ වාහන කුලියට ගෙන චැසි හා එන්ජින් අංක හොරට කොටා විකිණූ කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බස්නාහිර බුද්ධි කොට්ඨාසය මහ මොළකරු බව කියන පුද්ගලයා ළඟ තිබී රුපියල් දහසේ හොර නෝට්ටු 59ක් ද අද සොයා ගත්තේය.
ඔවුන් විසින් කුලියට ගන්නා ලද ටිපර් හතරක සුඛෝපබෝගී කාර් පහළවක හා ජීප් දෙකක ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටා විකුණා ඇතැයි ද ඒවායේ වටිනාකම රුපියල් අට කෝටියක් පමණ වෙතියි ද පොලිසිය කියයි.
මහ මොළකරු බොරැල්ලේ පුද්ගලයෙකි.
ඔහුගේ සහායකයා පානදුරේ පදිංචිකරුවෙකි.
මෙවැනි වාහන වංචා සම්බන්ධයෙන් ඔහු කොළඹ හා අවට පොලිසි වලට ද වයඹ පොලිසි වලටද අවශ්‍යව සිටි පුද්ගලයෙකියි පොලිසිය පවසයි.