බලපිටිය මිහිඳු පෙරහරේ අලියකු කුලප්පු වන්නට ගිය නමුත් අලියා පෙරෙහරින් ඉවත් කැර විලංගු දැමීමට ඇත් ගොව්වා සමත් විය.
පිරිසක් ද කලබල වු නමුත් කිසිවකුටත් අනතුරක් සිදු වුයේ නැත.පෙරහර සිරිත් පරිදි වීදී සංචාරය කළේය.
27 වැනි වරටත් පැවැති මෙම පෙරහර අමරසිංහාරාමයේ සිට බලපිටිය වෙළදපොළ ඉදිරිපිටින් ගමන් කරද්දී මේ කලබලය ඇති විය.
බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති දයාරත්න ද සිල්වා මහතා පිරුවානා පොත් වහන්සේ ද මහා සංඝරත්නය සධාතුක කරඩුව ද හස්තියා පිට තැන්පත් කරවීමෙන් පසු පෙරහර වීදී සංචාරය ඇරැඹිය.

