කුරේට හුරේ දාන්න මහ සෙනඟක්


ඉරිදා දහවල ලන්ඩන්නුවර පැවැත්වූ මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වූ ශ්‍රී ලාංකිකමැරතන් ධාවන ශූරයකුවු  අනුරාධ කුරේ 14 වෙනි තැනට තරඟය අවසන් කළේය.

මුළු දුර සැතපුම් 26 ක් දෙවීම සඳහා ඔහුට ගතවූ කාලය පැය දෙකයි විනාඩි දාහතකුත් තත්පර පනස් තුනකි.

තරග කරුවන් 35,000ක් සහභාගීවූ සැතපුම් විසි හයක් දුරැති එම තරගය 14 වෙනියා ලෙසනිමකිරීමට හැකිවීම ගැන තමන් ඉතාමත් ආඩම්බර වනබව තරගය අවසානයේ අනුරාධ කුරේපැවසුවේය. තරගය සඳහා ඔහු සහභාගීවනු දැක ගැනීමට සහ ඔහුව ධෛර්ය්‍යමත් කිරීමට ශ්‍රී ලාංකිකයෝ  බොහෝ දෙනෙක් මගදෙපස රැස්වී සිටියහ.

ගියවසරේ ලන්ඩන් නුවර පැවතී ඔලිම්පික් මැරතන් ධාවන තරගයේදී අනුරාධ කුරේ තරගය අවසන් කලේ 55 වෙනි තැන ලබා ගනිමිනි.

මෙවර ලන්ඩන් මැරතන් තරගය ආරම්භයේදී තරග කරුවෝ සියලුදෙනාම විනාඩි දෙකක නිශ්ශබ්ධ තාවයක් පවත්වා ගිය සතියේ ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරගයට එල්ලවුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් අය සිහිපත්කළහ. ලන්ඩන් මැරතන් තරගය සඳහා විශාල ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරතිබුන අතර බොස්ටන් සිද්ධිය හේතුවෙන් කිසිම තරග  කරුවකු අධෛර්යමත් නොවුබව ලන්ඩන් මැරතන් සංවිධායකයෝ පැවසුහ.