කුරුළු දඩයක්කරුවෙක් පොලිස් දැලේ


මිල්ලනිය කීංමං තුඩාවේ වෙල් යායකදී කොකුන් හා  දියකාවුන් තිස් ගනනක් අල්ලා ගෝනියක දමාගෙන යමින් සිටි පිරිසකින් එක් පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අවට හෝටල් වලට මසට විකිනීම සදහා රාත්‍රී කාලයට මෙම පක්ෂීන් අල්ලන බව පොලීසිය කියයි.

පිරිසක් පැන ගිය බවද කියති.