ඇසල පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කුරුවිට ත්‍රිරෝද රථ සංගමය, නගරයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එකමුතුවෙන කුරුවිට නගරයේ ඔරලෝසු කනුව අසලදී බත් දන්සැලක් දුන්ණේය.
කටුතියබරාව විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවැසි උවැසියන් පන් සියයක් දෙනාටද දහවල් දානය පිරිනමනු ලැබුවේද කුරුවිට ත්‍රිරෝද රථ සංගමය විසිනි.
බුදුන් වහන්සේ දේශනා කළ සමානාත්මතාව සංහිඳියාව ක්‍රියාවෙන් ඔප්පුකරදීම මෙම පුණ්‍ය කර්මයේදී සියලු ජාතින් එක්කර ගැනීමෙන් රටට පෙන්වාදුන් බව කුරුවිට ත්‍රිරෝද රථ සංගමය කියයි.




