(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි
ඔහු සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " තුළින් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක ලව් බර්ඩ් වර්ගයේ කුරුල්ලන් 10 දෙනෙකු ද , තවත් ගිරව් විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙකු ද , වෙන වෙනම කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩ තුළ දමාගෙන මෙරටට ගෙනැවිත් තිබුණි . මෙම කුරුල්ලන් සියලු දෙනාගේ වටිනාකම රුපියල් 6,50,000 ක් බව ගුවන් තොටුපොළ රේගුව පවසයි .
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා මෙම ව්‍යාපාරිකයාට නිසි බලපත්‍ර නොතිබුණු බව රේගුව ප්‍රකාශ කරයි.
කුරුල්ලන් මෙරටට රැගෙන ආ ලාංකිකයෙක් රේගුවේදී අත්අඩංගුවට
Recommended Articles