රුපියල් කෝටියක් පමණ වටිනා සුදු හඳුන් තෙල් සිලින්ඩර තුනක් මෙරට සිට ප්‍රංශයට යැවීමට සුදානම් කර තිබියදී කටුනායක භාන්ඩ අපනයන පර්යන්තයේ රේගු නිලධාරීන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු සුදු හඳුන් තෙල් වල බර කිලෝග්‍රෑම් 25 කි.
කුරුඳු තෙල් අපනයනට ලියකියවිලි සකස් කොට මෙය රේගුවට ඉදිරිපත් කොට තිබු බවත් කොළඹ ප්‍රදේශයේ දුත සේවාවක් හරහා මෙම සුදු හඳුන් තෙල් තොගය ප්‍රංශයට යැවීමට උත්සහ කර තිබු බවත් රේගුව කියයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ප්‍රංශයට යැවීමට සුදානම් කර තිබියදී ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම සුදු හඳුන් තෙල් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වන ජීවී හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනතින් හා වන සංරක්ෂන පනතින් සුදු හඳුන් තෙල් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි.
මේ පිළිබඳ විමර්හන කටයුතු රේගු අදිකාරී එම්. ගුණරත්න, නියෝජ්‍ය රේගු අදිකාරි එස්.ආර් ඇරව්පොළ, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ජී.ජී.එම්.කේ හේරත්, ජේ.එම්.එස්.පී ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.

