කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ


ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරගස්මං හංදිය පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

එම කත ද සිටින බව කියන අසභ්‍ය වීඩියෝ ඇගේ දරුවන්ට පෙන්වන බව කියා මුලින්ම රුපියල් 2500ක් ද, ඉන් පසුව රුපියල් තුන් දහසක් ද, දීමට මුදල් නැති වූ විට රූපවාහිනියක් හා ඇඳක් ද කප්පම් වශයෙන් එම තරුණයා සිය මිතුරා ද සමග ගෙන යන ලදැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

මිතුරා ද අත්අඩංගුවට ගැනීමට සොයයි.