කුරුණෑගල හෙක්ටයාර 5514ක් යළි වගා කරන්න බෑ


(අංජුල මහික වීරරත්න)

ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 12729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් හෙක්ටයාර  5,514ක් යළි වගා කළ නොහැකි බව නිලධාරීහු කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ  පැවැසීය.

ඉඩම් හෙක්ටයාර  7215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවද නිලධාරීහු එහිදී සඳහන් කළහ.

ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල  දිස්ත්‍රික්කයේ ඒ හා බී ශ්‍රේණියේ පළාත් මාර්ග 1181කට හානි සිදුව තිබෙන අතර පාලම් 35කට සහ බෝක්කු 162කට, පැති බැම් 01ට හානි සිදුව තිබෙන බව නිලධාරීහු කීහ.ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.