කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ආපන ශාලාවේ සැකකටයුතු දෙදෙනකු සිටින බවට ලද තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ තිදෙනා එහි ගොස් ඇතැයි කියති.
ඔවුන් සැකකරුවන් පරීක්ෂා කිරිමට උත්සාහ කරද්දී වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.
පස්වරු 5.59
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කුරුණෑගලට පිටත් කළ බව පොලිසිය පවසයි.
උප පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පිටත් කර ඇත.

![BeautyPlus_20161116071458_fast[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/BeautyPlus_20161116071458_fast1.png)
![BeautyPlus_20161116071549_fast[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/BeautyPlus_20161116071549_fast1.png)
![IMG_20161116_071938[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_20161116_0719381.png)
![IMG_20161116_072803[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_20161116_0728031.png)
![IMG_20161116_073326[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/IMG_20161116_0733261.png)
