කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයයට මාරු කළ බව වයඹ පළාත් අධ්‍යාපන ලේකම් ටී බී එම් සිරිසේන මහතා කියයි.
විදුහ්පතිට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක් කරන බව කී සිරිසේන මහතා එම පරීක්ෂණ සාධාරණව බලපෑමකින් තොරව සිදු කිරීම සඳහා විදුහල්පති තාවකාලිකව මාරු කළ බව පවසයි.
නිල ඇඳුමින් ෆේස්බුක් වෙබ් අඩවියේ ඡායාරූපයක් පළවීමෙන් පසු පාසල් ශිෂ්‍යාවක තරවටු කිරීමෙන් පසුව ඇය දිවි නසා ගත් බව මරණ පරීක්ෂණයේ දී කියැවිණි.
ඉන් පසු ළමා රක්ෂණ අධිකාරිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ඔහුට ඇප ලැබිණි.
විදුහල්පති සම්බන්ධයෙන් මීට පෙර ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ළමා රක්ෂණ අධිකාරිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වා දිබිණි.

