කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට කොරෝනා


(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි තරුණයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට අද (6) පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

මෙම තරුණයා එම ආයතනයේ මුළුතැන්ගෙයි සහායකයෙකු වශයෙන් සේවය කරන අයෙකි. ඔහු අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ අයෙකි.  

මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන තිදෙනෙකුම කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.