කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු පැහැරගත් මැර පිරිසක් අද අළුයම බඩගමුව රක්ෂිතයේ ඉන් එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
අනිත් කොස්තාපල්වරයා පන බේරාගෙන ඇති බවද වාර්ථා වෙයි.
මාර්ග සෝදිසියේ යෙදී සිටි මෙම දෙදෙනා අද අලුයම තුනට පමණ පැහැරගන්නට ඇතැයිද එසේ කරන්නට ඇත්තේ සන්නද්ධ පාතාල කල්ලියක් විය හැකි බවට පොලිසිය සැක කරයි.
දෙදෙනාගේම නිල ඇදුම් ගලවා ඇති බවද කියති.

