කුරුණෑගල පාසලට නව විදුහල්පති එපාලු


ෆේස්බුක් පින්තූරයක් සම්බන්ධයෙන් විදුහල්පතිගේ තරවටුවකින් පසු සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයට අඟහරුවාදා (25) නව විදුහල්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ දෙමාපියෝ පිරිසක් උද්ඝෝෂණයක් සහ උපවාසයක් ආරම්භ කර ටික වේලාවකින් නතර කළහ.

සුළු මොහොතකට පසු එම ස්ථානයට ආ පළාත් අධ්‍යාපන බලධරයෝ දෙමාපියන් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.

හිටපු විදුහල්පති සම්බන්ධ විමර්ශන අවසන්වන තුරු නව විදුහල්පතිවරයකු පත් නොකරන බවට පළාත් අධ්‍යාපන බලධරයන් ලබා දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය සහ උපවාසය නතර කළේය.