කුරුණෑගල උද්ඝෝෂණ දෙකක්


වයඹ පළාත් සභාවේ මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන්නැයි මහ ඇමැති දයාසිරි ජයසේකරට බල කෙරෙන උද්ඝෝෂණයක් කුරුණෑගලදී පැවැත්විණි. වයඹ පළාත් සභාව ඉදිරිපිට මේ රැස්වීම සංවිධානය කර ඇත්තේ පළාත් සභාවේ (එජාප) විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු පිරිසක් විසිනි.

මහ ඇමැතිගේ සහය මෛත්‍රී පාලනයට නොගන්නැයි උද්ඝෝෂකයෝ කියති. 

මේ අතර එජාප උද්ඝෝෂණය අවසන්වී පැය භාගයකට පසුව මහ ඇමැති දයාසිරි ජයසේකරට සහාය දීමේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි. අනතුරුව පළාත් සභාව රැස්විය. එහිදී පළාත් සභා මන්ත්‍රීන් වැඩි දෙනා පැවසූයේ ජයසේකර මහතා මහ ඇමැති පදවියේ රැඳී සිටිය යුතු බවයි. 

දයාසිරි ජයසේකර මහ ඇමැතිකමින් ඉවත් විය යුතු යැයි කෙරුණු එජාප උද්ඝෝෂණය

DSC_1227 DSC_1233~1 DSC_1244

දයාසිරි ජයසේකරට පක්ෂව කෙරුණු උද්ඝෝෂණය

DSC_1252 DSC_1257 DSC_1265

පළාත් සභා සැසිවාරයේදී දයාසිරිට සහය පළ කිරීම

DSC_1274