තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී 2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණය කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන සිකුරාදා (18) ලබා දීමට නියමිතය.
මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග, එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග වගඋත්තරකරුවෝය.
ඇප ලබා සිටි හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාවරයා නඩු විභාගයට නොපැමිණීම නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නඩුව අතරතුරේ දී වරෙන්තු නිකුත් කැරුණු අතර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගැනුණු සභාපති නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් කැරිණි.

