කුරාම් ෂෙයික් ඝාතකයන්ගේ පෙත්සමත් විභාගයට


තංගල්ල හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නොමැති අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (6) තීන්දු කළේය.

පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණි වල්ගම සහ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ යන මහත්මීන් හමුවේ සලකා බැලිණි.

කොළඹ මහාධිකරණයේ පැවැති ඔවුන්ට විරුද්ධ නඩුවේ දඬුවම පැනවූයේ එවකට  මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මියයි.

තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය , ප‍්‍රගීත් චතුරංග සහ ළහිරු කැලූම් තම සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින්  අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කරනු ලැබීය.