කුරානය ගිනි තැබුවාට එරෙහිව ලෝකෙන්ම කතා කළේ රනිල් විතරයි


(අංජුල මහික වීරරත්න)

ස්වීඩනයේ දී  කුරානයක් ගිනි තැබීමට එරෙහිව හඬ අවදි කළ  පළමු ලෝක නායකයා වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඊට එරෙහිව ලෝකයේ වෙනත් කිසිඳු නායකයෙක් තමන්ගේ හඬ අවදි කළේ නැතැයි ද අබෙිවර්ධන මහතා කීය.

දිවයින පුරා ඇති ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ  ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට  ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා   බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටි බව කී අබෙිවර්ධන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා පවසා ඇතැයි කීය.