කුඹුරු අක්කර 50000ක් හරකුන්ට කන්න දාලා


අක්කර 119341.4කින් සමන්විත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරු යායවලින් මෙවර වගා කළ අක්කර 92811.1කින් අක්කර 50017.ක් නියං තත්ත්වය හේතුවෙන් ගවයන්ගේ ආහාර සඳහා අත්හැර දැමීමට සිදුවී ඇතැයි රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිළමේ මහතා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියක් යවමින් කියා සිටී.