කුඹුරු අක්කර 15000ක් අනතුරේ


වැසි නොලැබීම නිසා කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති හෙයින් වගා කොට ඇති කුඹුරුවලට මෙවර මාස් කන්නය අවසන් වන තෙක් ජලය නිකුත් කිරීමේ අවදානමක් ඇතැයි වාර් මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර අඩි එක් ලක්ෂ හාරදහසක  පමණ ජල ධාරිතාවයකින් යුත් කවුඩුල්ල ජලාශයේ දැන් ඇත්තේ අක්කර අඩි විසි හතර දහසකි.

වගා කළ කුඹුරු අක්කර පහළොස් දහසකට පමණ දිනකට අක්කර අඩි 300කට අධික ජලය නිකුත් කළ යුතු යැයි කියති.