මහපොළොව හැර විශ්වයේ ජීවීන් ඇති බවට තම කුඹුරෙන් වැදගත් සාක්කියක් ලැබී ඇති හෙයින් එය රජයට පවරා ගන්නේ නම් තමනට වෙනත් කුඹුරක් දෙන්නැයි දිඹුලාගල කුඩා වැව ඒ ජී ටිකිරි බණ්ඩා (65) මහතා කියයි.
2012 දෙසැම්බරයේ අහසින් වැටුණු කැබැල්ලක් ගැන පරීක්ෂණ පැවැත්වූ බකින්හැම් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා නිගනය කළේ විශ්වයේ ජීවය ඇති බවට වැදගත් සාක්කි එයින් ලැබුණු බවයි.
ඒ බව මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වූ පසු කුඹුර සංරක්ෂණය කිරීමට විශේෂ ආරක්ෂාවක් ද යෙදවීය.
විශ්වයේ ජීවීන් ඇති බවට ලෝකයේ වසර 500කදී ලැබුණු වැදගත්ම සාක්කිය මෙම ආකාශ වස්තුව බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.

