කුමාරි බාලසූරිය ඉල්ලා අස්වෙයි


දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. 2006 ඔක්තෝබර් මස 23 දා සිට දකුණු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ ඇය මෙරට ප්‍රථම හා එකම ආණ්ඩුකාරවරියයි.