කුමාර්ගේ දේශපාලන උණුසුමට පැරිස් සීතල නොදැනේ


සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කැර අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ අයිතීය රකින ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක‍්‍රියාධරයෝ හීතලේ ගැහි ගැහී  පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ.

ජර්කින්,අත්මේස් හා හිස් වැසුම් පැළැඳ ඔවුන් දෙපැයක් පැරීසියේ එළිමහනට වී උද්ඝෝෂණය පවත්වද්දී  පැරීසියේ උෂ්ණත්වය සෘණ එකට බැස තිබිණි.

සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් ඊට සහභාගි වුහ. උද්ඝෝෂණයෙන් අනතුරුව පැරීසියේ විවිධ සංවිධාන ක්‍රියාකාරීහු  ශ්‍රී ලංකා ජනපතිට යොමු කිරීම සඳහා වන පෙත්සමක්ද අත්සන් කළහ.එළියට බහින්නට බැරි දැඩි සීතල විඳ දරා ගනිමින් තම නායකයාගේ අයිතීය වෙනුවෙන් ඔවුහු මේ කැපවීම කළහ

20150206_162927 DSCN3036

DSCN3036 DSCN3039