පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශයට පත්කර තිබේ.
ඊට අදාළ ලිපිය මේ වන විට කුමාර් ගුණරත්නම් මහතාට ලැබී ඇතැයි එම පක්‍ෂය සඳහන් කරයි.
ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ලබාදීමට ආණ්ඩුව කැමති බවට වන සහතිකය ඉදිරියේදී ඕස්ටේ‍්‍රලියාවට රැගෙන ගොස් ඔහුගේ එහි පුරවැසිභාවය අහෝසි කරගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

