පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා කියයි.
නීතිපති උපදෙස් මත අදාළ අයදුම්පත අද (27) ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ද ආගමන පාලකවරයා කීය.
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය.

