කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ඉල්ලයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්,  දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්කිරීම්- පැහැරගැනීම් හෙළිදරව් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්  බැනර් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් රට පුරා පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර ඇතැයි එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.

එහි පළමු පියවර ලෙස අද  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී බැනරයකට අත්සන් කිරීම ඇරැඹීය.

මේ වැඩසටහන පෙබරවාරි හය වැනි දා කළුතරදීත්, හත් වැනි දා ගාල්ලේදීත්, අට වැනි දා  අනුරාධපුරයේදීත්, නව වැනි දා  කෑගල්ලේදීත්, දහ වැනි දා බදුල්ලේදීත්,   11 මහනුවරදීත් පැවැත්වීමට නියමිතය.  

IMG_4643 IMG_4649 IMG_4656 IMG_4662