වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කුමාර් ගුණරත්නම් දෙසැම්බර 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නඩුව ජනවාරි අට වැනි දා විභාගයට ගැනීමට තීන්දු කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ගුණරත්නම් පසුගිය හතර වැනි දා අත්අඩංගුවට ගනු ලැබීය.





