කුමාර් ගුණරත්නම් කෑගල්ල උසාවියට?


වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

ඔහු අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු තාප්පයකින් පැන දුවන්නට උත්සාහ කළැයි පොලිසිය කියයි.

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.

පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි පළමු වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත්,  ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය.

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ යෙදී සිටි ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය හා දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිති. 

1980 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඔහු දේශපාලනය ඇරඹීය.