කුමාර් ගුණරත්නම් ආගමන විගමන කන්තෝරුවට කැඳවයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියයි.

මෙය කුමාර් ගුණරත්නම්ගේ ගමන නැවැත්වීමට ආණ්ඩුව සිදුකරන කුමන්ත්‍රණයක් බවද ඔහු කියයි.

කුමාර් ගුණරත්නම් නීති උපදෙස් ලබාගෙන එහි යාමට නියමිත බවද ඔහු සඳහන් කරයි.