කුමාර් ගුණරත්නම් අඟුරුවැල්ලේදී අල්ලයි


පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රුවන්වැල්ල අඟුරුවැල්ලේ නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහුගේ මවගේ නිවසේ සිටියදී ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවත් ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බවත් පොලිසිය පවසයි.

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.

පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය.

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ යෙදී සිටි ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය හා දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිති. 

1980 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඔහු දේශපාලනය ඇරඹීය.