වසර 30කට අධික කාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස සේවය කළ ඩී.පී.ජී.කුමාරසිරි මහතා අනුරාධපුර මහ දිසාපති ලෙස අද (18) වැඩ බාරගැනීමට නියමිතය.
1984 වසරේ ආධුනික නිලධාරියකු ලෙස පරිපාලන සේවයට ඇතුළත්ව වසර 30කට ආසන්න කාලයක් මාණ්ඩලික නිලධාරියකු ලෙසද සේවය කර ඇති ඒ මහතා නුවරඑළිය දිසාපති ලෙස කටයුතු කරද්දී සහාය දුන් සැමට තම ස්තූතියද පළ කළේය.

