ත්‍රිකුණාමලය, කුමාරපුරම් හි වැසියන් 24 දෙනෙකු 1996 දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ යුද හමුදා හිටපු සාමාජිකයින් හය දෙනා නිදොස් කොට නිදහස් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපති ගොනු කළ අපෑල ලබන වසරේ සැප්තැම්බර් 06 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
හිටපු යුද හමුදා කෝප්‍රල්වරුන් හය දෙනෙකු වන එස්.ජී නිශාන්ත, එන්.එම් අජිත් සිසිර කුමාර , එම්.පී.කපිල දර්ශන, එච්.එම් අබේසිංහ ,පී .ජේ. උපසේන හා එච්.බී අබේසිංහ හිටි බණ්ඩාරට එරෙහිව නීතිපති විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ වෙන වෙනම අධි චෝදනා 101 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.
මෙලෙස වසර 20කට ආසන්න කාලයක් විභාග වූ අධි චෝදනා නඩුවේ තීන්දුව පසුගිය ජුලි මාසයේ ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ ජූරි සභාව විසින් කෝප්‍රල්වරුන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.