මහියංගනයේ සිට කොළඹට මහනුවර ඔස්සේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ වලින් මග රැක සිට ටිපරයකින් වැලි ගෝනි පහ බැගින් බලෙන් ගන්නා පිරිසක් මහයියාව අසල සිටී.
අද වෙළෙදපොලේ වැලි කියුබයක මිල රුපියල් 9000 කි.
දිනකට මහයියාව පසුකර යන ටිපර් රථ 100කින් පමණ වැලිගෝනි 500ක් පමණ මෙසේ බලෙන් රැගෙන යතියි වැලි ටිපර් කරුවෝ කියති.
මහනුවර ප්‍රදේශයේ දේශපාලන බලවතකු සහ ආරක්ෂක අංශයේ යැයි කියාගන්නා පුද්ගලයකු මේ මෙහෙයුම බාරව සිටිතියි කියති.