නිල ඇඳුමෙන් නොඑන පාසල් සිසුනට ද අසභ්‍ය වීඩියෝ පට රුපියල් 100 ගණනේ විකිණූ බව කියන කැකිරාවේ ව්‍යාපාරිකයෙක් දඹුල්ලේ සංයුක්ත තැටි අලෙවිහලක දී දඹුලු පොලිසියෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය.
මධ්‍යම පළාතටහා උතුරට කුණුහරප වීඩියෝ බෙදා හළ බව කියන මොහුට මධ්‍යම පළාතේ ස්ථාන රැසකම වීඩියෝ හල් තිබූ බව පොලිසිය පවසයි.
පාසල් සිසුනටත් වීඩියෝ පට විකුණන්නේදැයි ඇසූ විට ඔහු පොලිසියට කියා ඇත්තේ පාසල් නිල ඇඳුමෙන් එන කිසිවෙකුටත් නොවිකුණන බවයි.
ඔහුගේ දඹුලු කඩෙන් අසැබි වීඩියෝ 785ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

