කුණු වතුරෙන් ඉරිඟු තම්බා විකුණයි


කුණු වළකින් වතුර ගෙන බඩ ඉරිඟු තම්බා විකුණන වෙළෙන්දකුට එරෙහිව නඩු පවරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි.

ඩෙංගු මර්දන වැඩසටහනක් මෙහෙයවමින් සෞඛ්‍ය නිලධරයන් සමග අද (10) නගරයේ කළ සෝදිසියකදී මේ වෙළෙන්දා කියා ඇත්තේ කුණු වළෙන් වතුර ගෙන දවසට ඉරිඟු කරල් 200ක් පමණ තම්බා විකුණන බවයි.

ආණ්ඩුපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු 40 දෙනකු පමණ ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් ක්‍රියා කර ඇති බව සොයා ගත් බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් පුරපති පවසයි.