කුණු ලූනු සිමෙන්ති දවටා බඩට


දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය සමීපයේ ගබඩා හතරකින් නරක් වූ ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු, කඩල, කරවල, තේකොළ හා සීනි කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකයේ නිලධරයෝ සමත්වූහ.

විනාශ කිරීම සඳහා වරායෙන් මුදා හැරෙන කුණු ලූනු කන්ටේනර් ගණන් දඹුල්ලට ගෙනවුත් කුණු වූ කොටස් ඉවත් කර සිමෙන්ති කුඩු තවරා යළි පාරිභෝගිකයනටම විකිණීමේ සූත්තරයක් ඇති බව මෙ‍හිදී සොයා ගැනීමට හැකිවීයැයි දඹුල්ල නගරාධිපති කියයි.

ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ගබඩාවල මේ ආහාර ද්‍රව්‍යතිබූ බවත්, සඳුදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා ද වැටලීමට එක් විය.