කුණු ලුනූ ගඳට තව ගඳක් එක් වේ


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ජනාකීර්ණ පෙදෙසක හිස් ඉඩමකට කුණු ලොකු ලුනූ තොඟයක් ලොරියකින් ගෙනවුත් දැමු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම ලුනූ තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධරයන් ගත් ක්‍රියා මාර්ගය ගැන ප්‍රෙද්ශවාසීහු නගරාධිපති ජාලිය ඕපාත මහතාට පැමිණිලි කළහ.

නගර සභාවට මුදල් බැද නගර සභාව ලවා ලුනූ ඉවත් කළ යුතුයැයි සෞඛ්‍ය නිලධරයන් පවසා ඇතැයි ඔවුහු එහි ආ නගරාධිපතිට පැවසීය.

නගරාධිපති පැවසුයේ ලුනූ එහි දැමු අයම ඒවා ඉවත් කළ යුතු බවයි. ඒවා එහි දැමු අයට එරෙහිව උපරිම දඩුවම් කළ යුතු බවද නගරාධිපති පැවසීය.