කුණු මස් කැවු හතරක් අත්අඩංගුවට


වාහනයක හැපී මාතලේ පළාපත්වලදී මිය ගිය ගවයින් දෙදෙනකු දවසකට පසු මස් කැර විකීණි යැයි මාතලේ ප්‍රාදේශිය සභාවේ රියදුරකු ඇතුළු සිව් දෙනෙක් මස් කිලෝ 54 සමඟ මාතලේ පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.

අනතුරින් පසු මළ කුණූ දෙක  කුණු ගොඩකට දමා ඇතැයිද ප්‍රාදේශිය සභා ට්‍රැක්ටර් රියදුරා එය සෙසු අයගේද සහයෙන් මස් කැර විකුණා ඇතැයි පොලීසිය කියයි.