කුණු දැමීමට එරෙහිව ගැමියෝ පාරට බසිති


ගාල්ල නගර සභාවේ කැලිකසල හින්පැන්දල දෙසට දැමීමට එරෙහිව අද මහජන උද්ඝෝෂණයක් පැවැත්විණි. පාරට කොට හා ගල් දමා කුණු ගෙන යන මාර්ග අවහිර කර තිබිණි. කුණු දැමීමද එම නිසා නතර විණි. කසල ගෙනැවිත් දැමීම නිසා නොයෙක් රෝගාබාධ ඇති වී ඇතැයි එහි වැසියෝ චෝදනා කරති.