කුණු දානවාට ගෙවලා නැහැ


අපද්‍රව්‍ය කලමණාකරන කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතන හතක් අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියට ගෙවිය යුතුව තිබෙන රුපියල් කෝටි හතක මුදල වහාම අයකරගන්නා ලෙස බස්නාහිර පළාත්සභා මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියේ නිලධරයින්ට දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කරදියාන කසළ අංගනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී නොගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා කළ දැනුම්වත් කිරීමකට අනුවය.

මාන්නප්පෙරුම මහතා ඉදිරිපත් කළ තොරතුරු වලට අනුව ජයවර්ධනපුර,දෙහිවල ගල්කිස්ස හා මොරටුව යන පලාත් පාලන ආයතන වැඩි වශයෙන් මුදල් ගෙවීම් පැහැර හැර ඇත.

කරදියානට මුදාහරින කැළිකසළ ටොන් 1 ක් වෙනුවෙන් අදාළ පලාත් පාලන ආයතනය අපද්‍රව්‍ය කලමණාකරන අධිකාරියට රුපියල් 500 ක මුදලක් ගෙවිය යුතුය.