හය වසරකට පෙර විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරියකට කුණු තක්කාලිවලින් පහර දුන්නැයි තිවක විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීහු සිව් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් අද නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.
ඔවුනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවීම ඊට හේතුවයි.
වර්ජනයකට සහභාගී නොවූ ඉන්ජිනේරුවරිය නිවස බලා යද්දී තක්කාලිවලින් ගැසූ බව ඇගේ පැමිණිල්ලේ සඳහන් විය.