කුණු ගොඩකින් අවුරුදු සරුවේ


මාතලේ නගර සභාවේ කුණුගොඩකින් නගරසභා සේවකයෙකුට රුපියල් පන් ලක්ෂයක් වටිනා සුදු ගෙවුඩ මැණිකක්  හමුවී ඇත. කපා ඔප දැමු මේ මැණික  නිවසක කුණුත් සමඟ එතැනට එන්නට ඇතැයි සිතයි. නගර සභාව කියනුයේ මේ සඳහා අයිති කරුවකු නොවෙතොත් මැණික විකුණා මුදල් එහි සේවකයින් අතර බෙදන බවයි.