කුණු කෑම විකුණන අය අල්ලයි


උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාරපාන අලෙවිකරන වෙළඳසල් වැටලීමට විශේෂ වැටලීම් කණ්ඩායමක් යොදවා ඇතැයි කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 15ක්, ආහාර පරීක්ෂකවරු 3ක් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 2ක් එම විශේෂ කණ්ඩායමට ඇතුළත්ය.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම සේවාවට  පාරිභෝගිකයන්ගෙන් එවැනි ස්ථාන පිළිබඳ තොරතුරු ක්ෂණික ඇමතුම් 011 2676 161 අංකයට දැනුම්දෙන මෙන් ඉල්ලා සිටියි.