රත්මලාන කටුකුරුදුවත්ත පාරේ ආහාර ගබඩාවකින් කල් ඉකුත්වු ආහාර තොගයක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිස් පාරිසරික ඒකකය කියයි.
එහි තිබී මිනිස් පාරිභෝජනයට නුසුදුසු සැමන් ටින් දෙදහස් දහතුනක්,සෝයා කිලෝ දෙසීයක්,මාජරින් කිලෝ දෙසිය පනහක්, ඇතුළු ආහාර තොගයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලිස් පාරිසරික ඒකකය එම ආහාර ගබඩාවට සීල් තැබීය.
ගල්කිස්ස මහජන සෞඛ්‍යපරීක්ෂකවරුද මෙම වැටලීම එක්වුහ.